කැන්බරා හි තදාසන්න ප්‍රදේශවල පොදු පාසල් තුල පවතින ගුරු පුරප්පාඩු හේතුවෙන් විදේශ භාෂා ඉගැන්වීමට බාධා මතුව තිබෙනවා.
පාසල් 13 ක් ගුරු හිගය හමුවේ දැනටමත් විදේශ භාෂා ඉගැන්වීම සිය විශය නිර්දේශවලින් ඉවත් කර ඇති බව සඳහන්.
ACT ප්‍රාන්තයේ 03 ශ්‍රේණියේ සිට 08 ශ්‍රේණිය දක්වා සිසුන්ට චීන, ඉන්දුනීසියානු, ජපන්, කොරියානු, ප්‍රංශ, ජර්මානු, ඉතාලි හෝ ස්පාඤ්ඤ යන භාෂාවලින් අවම වශයෙන් 01 සිය විශය මාලා තුලදී ඉගෙන ගැනීම අනිවාර්ය වනවා.
කෙසේවෙතත් පවතින ගුරු හිගය හමුවේ ඔවුන්ගේ එම අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවයි පැවසෙන්නේ.
ප්‍රාථමික සිසුන් සතියකට විනාඩි 60 ක් සහ උසස් පාසැල් සිසුන් විනාඩි 150 ක් විදේශ භාෂා ඉගෙන ගත යුතු ලෙසයි විෂයමාලා සකස් වී ඇත්තේ.
මේ අතර ගුරු පුරප්පාඩු පැවතිය ද මාර්ගගත ක්‍රමයට හෝ සිසුන්ට විදේශ භාෂා ඉගෙනීමට කටයුතු සලසා දෙන ලෙස පාසල් බලධාරීන් ACT ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටිනවා.
නව භාෂා අධ්‍යාපන සැලසුමක් මෙම වසරේ සිට ආරම්භ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.