Search

සිඩ්නි – මැලේසියා ගුවන් යානයක නොසන්සුන් තත්වයක්

සිඩ්නි සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ගනිමින් තිබූ මැලේසියා ගුවන් සේවයේ යානයක හටගත් නොසන්සුන් තත්වයක් හේතුවෙන් එය ආපසු සිඩ්නි ගුවන් තොටුපළට හරවාගෙන පැමිණ තිබෙනවා.

පස්වරු 01.40 ට පමණ ගුවන් ගතවු එය නැවතත් පස්වරු 03.47 ට ගොඩබස්වා ඇති බවයි සිඩ්නි බළධාරීන් සඳහන් කලේ.

MH122 යානයේ සිටි මගියෙකු සෙසු මගීන් සහ කාර්ය මණ්ඩලයට තර්ජනාත්මකව හැසිරීම මීට හේතුවයි.

ගොඩබස්වන ලද යානය පැය 03 කට පසුවත් තවමත් සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ කෙළවරක නවතා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි මගීන් 194 දෙනෙකු සිටින අතර මෙම සිද්ධිය හමුවේ සිඩ්නි ගුවන් තොටුපළට පැමිණෙන සහ පිටත්වන සියලු ගුවන් යානාවල ප්‍රමාදයන් හටගෙන තිබෙනවා.

එහෙත් කිසිදු ගුවන් වාරයක් අවලංගු කර නොමැති බවයි සිඩ්නි ගුවන් තොටුපළ බලධාරීන් අවධාරණය කලේ.

ගොඩබස්වන ලද යානය මේ වනවිට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසියේ නිළධාරීන් මෙන්ම ගිනි නිවන රථ විසින් වට කර තිබෙනු දක්ට හැකියි.

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා.

Read More »

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ

දෙසැම්බර් පළමු වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යානවල සහ සාමාන්‍ය වනාන්තරවල කඳවුරු භූමිවල නොමිලේ කඳවුරු බැඳීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More »