Search

තරග පාවා දීමේ සිද්ධියකට සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට

පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව

නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා තිබේ.

ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් කිහිපයක් ලබා දී ඇති බවද වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »