Search

අසාත්මිකතා අවදානමක් හේතුවෙන් චොකලට් වර්ග 03 ක් ආපසු කැඳවයි

අසාත්මිකතා අවදානමක් හේතුවෙන් අලෙවිය සඳහා තිබු චොකලට් නිශ්පාදන 03 ක් ආපසු කැඳවා තිබෙනවා.

මෙලෙස කැදවා ඇත්තේ ජනප්‍රිය වෙළද සන්නාමයක් වන කොකෝ බ්ලැක් චොකලට් නිශ්පාදනයට අයත් කැරමල්, සුදු චොකලට් සහ ගෝල්ඩි පොප් යන වර්ග 03 යි.

අන්තර්ගත අමුද්‍රව්‍ය අතරට සෝයා අඩංගු වීම ගැන සඳහන් කර නොතීබීම හමුවේ එම නිශ්පාදන ආපසු කැදවු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කල් ඉකුත්වීමේ දිනය 2024 මාර්තු 30 දින හෝ ඊට පෙර දින ලෙස සඳහන් නිෂ්පාදන මෙලෙස ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මිලදී ගත් කොකෝ බ්ලැක් චොකලට් හි ඇසුරුම් පරික්ෂා කර බලා සෝයා ආසාත්මිකතා ඇති පුද්ගලයින් ඉහත නිශ්පාදන අනුභව කිරීමෙන් වලකින ලෙස ද වැඩිදුරටත් උපදෙස් ලබා දෙනවා.

මෙම නිශ්පාදන මිලදීගත් පාරිභෝගිකයින්ට මිලදී ගත් වෙළඳසැල වෙත භාරදී මුදල් ආපසු ලබා ගැනීමට ද හැකියාව පවතිනවා.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 03 9958 7400 දුරකතන අංකය මගින් හෝ කොකෝ බ්ලැක් වෙබ් අඩවියට පිවිස දැනගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතිනවා

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව සිටින්නන්ගේ වැඩිවීමක් ලාංකිකයන් 28 දෙනෙකුත් රැදවුම් භාරයේ

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

Read More »

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »