Search

ඔස්ට්‍රේලියා – ජපාන නව ආරක්ෂක ගිවිසුම ඇරඹෙයි

ඔස්ට්‍රේලියාව සහ ජපානය අතර ඇතිකරගත් නව ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා.

මේ හරහා ඔස්ට්‍රේලියානු ආරක්ෂණ සාමාජිකයන්ට ජපානයට ගොස් එරටදී යුධමය අරමුණු සම්බන්ධ වඩාත් උසස් මට්ටමේ පුහුණු ලබා ගැනීමට හැකිවනු ඇති.

ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් යානා උපයෝගි කරගනිමින් මෙම මස අගදී ප්‍රථම වරට ජපානයේ එම යුධ අභ්‍යාස සිදු කිරීමට ද නියමිතයි.

එමගින් කලාපයේ මෙන්ම ලෝක ද ආරක්ෂාව ප්‍රමුඛ කරගනිමින් ඉදිරියේ දි ක්‍රියා කළ හැකි බවයි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කළේ.

2022 ජනවාරි මස දෙරට අතර ආරක්ෂක ගිවිසුමක් ඇති වුවද චීන විරෝධතා මධ්‍යයේ එය බලාත්මක වුනේ නැහැ.

ඔස්ට්‍රේලියාව හා ජපානය අතර ආරක්ෂක ගිවිසුම් සම්බන්ධව මූලික කටයුතු 2007 වසරේ සිට ආරම්භ කෙරුණු අතර එතැන් සිට චීනය සිය ආරක්ෂක වියදම් ද ඉහළ දමනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »