Matildas ජයගතහොත් නිවාඩු දීමේ යෝජනාවට විරෝධයක්

කිසියම් අයුරකින් ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයගතහොත් නිවාඩු දිනයක් ලබාදීමේ යෝජනාවට නැෂනල්ස් පක්ෂය විරෝධය පළකරනවා.

පක්ෂ නායක ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් අවධාරණය කරන්නේ එවැන්නක් හරහා ව්‍යාපාර කටයුතු අඩාල විය හැකි බවයි.

මැටිල්ඩාස් හෙවත් ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායමට තමන්ගේ පූර්ණ සහ හිමිවන නමුත් එක් දිනයක හෝ අමතර නිවාඩුවකින් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කුසලානයක් දිනීම වෙනුවෙන් සමස්ත රටටම නිවාඩු දීම යනු ජනප්‍රිය දේශපාලන තීන්දුවක් වුවද එහි බර දැරීමට සිදුවන්නේද සාමාන්‍ය ජනතාවටම බවයි නැෂනල්ස් පක්ෂ නායකයාගේ ස්ථාවරය වන්නේ.

කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »