ඔස්ට්‍රේලියානුවන්ගෙන් මුදල් වංචා කල විදේශිකයන් 05 ක් අත්අඩංගුවට

ATM කාඩ් ඇතුලු ව්‍යාජ බැංකු කාඩ් පත් යොදාගනිමින් ඔස්ට්‍රේලියානුවන්ගෙන් මුදල් වංචා කිරීමෙහි ජාවාරමක නිරත වූ විදේශිකයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අමෙරිකානු රහස් සේවයේද සහය ඇතිවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මොවුන් සියලු දෙනා සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවල දී අත්අඩංගුවට ගෙන ඇති බව ෆෙඩරල් පොලිසිය සඳහන් කරනවා.

සැකකරුවන් සතුව තිබී ඩොලර් 12,935 ක මුදලක් – විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ව්‍යාජ ලේඛණ රැසක්ද හමුවී තිබෙනවා.

සැකකරුවන් ලබන 23 වනදා සිඩ්නි සහ බ්‍රිස්බන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »