අවසන් පූර්ව වටයද ජය ලබා අවසන් මහා තරගයට පිවිස මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය ජය ගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා පාපන්දු කණ්ඩායමට හැකිවුවහොත් අනිවාර්යෙන්ම නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් සහතික වනවා.
ඊයේ බ්‍රිස්බන් නුවර පැවති අර්ධ අවසාන පූර්ව වටයේ තරගය නැරඹීම සඳහා අගමැතිවරයාද එක්ව සිටි අතර එම තරගය ජය ගැනීමෙන් පසුවයි ඔහු මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ.
මෙම සතියේ පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම දිනය තීරණය කිරීමට අපේක්ෂා කරන බවද අගමැති ඇල්බනීස් කියාසිටියා.
නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් විසින් දැනටමත් මෙම යෝජනාව සඳහා සහය පළකර තිබෙනවා.
මැටිල්ඩාස් යනුවෙන් හඳුන්වන ඔස්ට්‍රේලියා කාන්තා පාපන්දු කණ්ඩායම සහ එංගලන්ත කාන්තා පාපන්දු කණ්ඩායම අතර අවසන් පූර්ව වටයේ තරගය ලබන බදාදා පැවැත්වෙන අතර අවසාන මහා තරගය පැවැත්වෙන්නේ ලබන ඉරිදා දිනයේදීයි.