Search

නිවාස කුළී වංචා සඳහා වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ගොදුරුවීම ඉහළට

නිවාස කුළී සම්බන්ධ වංචා සඳහා වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ගොදුරුවීම ඉහළගොස් තිබෙනවා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළදී එවැනි සිදුවීම් 61 ක් පිළිබඳ පොලිසිය වෙත වාරතාවී ඇති අතර අහිමි කරගෙන ඇති මුදල ඩොලර් 126,000 කට ආසන්නයි.

කෙසේවෙතත් වාර්තා වී නොමැති සිදුවීම් සළකා බැලීමේදී මෙම අගය අතිශය ඉහළ අගයක පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

වයස අවුරුදු 18 ත් 29 ත් අතර වික්ටෝරියානුවන් මෙම වංචාවල වැඩිම ගොදුරුකරුවන් බවට පත්වී තිබෙනවා.

ඒ අනුව අදාළ සිදුවීම් 61 න් 40 කට වැඩි සංඛ්‍යාවක් අවුරුදු 18 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ පිරිස් වනවා.

නිවාස කුළී ඉහළ අගයක් ගැනීම හමුවේ අඩු මිළට කුළී නිවාස දෙන බව පවසමිනුයි මෙම වංචා අතුරින් බහුතරයක් සිදුකර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »