Search

මාර්ග ධාවන තරගයක් හේතුවෙන් අද සිඩ්නි මාර්ග රැසක් වැසේ

සිඩ්නි නගරයේ පැවැත්වෙන මාර්ග ධාවන තරගයක් හේතුවෙන් අද දිනයේ මාර්ග රැසක් වසා තැබෙන බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය රියදුරන්ට දන්වා සිටිනවා.

අද අලුයම 03.30 සිට මාර්ග වසා තැබීම් ආරම්භ වූ අතර සිඩ්නි නාගරික කලාපයේ මාර්ග ගණනාවක් අලුයම 6 සිට වසා තැබීම් ආරම්භ කෙරෙනු ඇති.

කිලෝමීටර් 14 ක දුරකින් යුත් මෙම ධාවන තරගයට 80,000 කට ආසන්න පිරිසක් සහභාගී වන අතර පෙරවරු 7.40 ට පළමු තරගය ආරම්භ වනවා.

සිඩ්නි නාගරික කලාපයේ මාර්ග පෙරවරු 11.30 සිට යළි විවෘත කෙරෙන අතර පස්වරු 04 වනවිට සියලු මාර්ග විවෘත කර අවසන් කෙරෙනු ඇති.

මාර්ග වසා තැබෙන වේලාවන් හිදී එම මාර්ගවල ගමන් ගන්නා බස් රථ ද වෙනත් මාර්ගවලින් ගමන් ගන්නා බවයි සිඩ්නි බළධාරීන් දන්වා සිටින්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »