ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට කොරෝනා ආධාරක මුදල් අහිමි වන ලකුණු ..

ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට කොරෝනා ආධාරක මුදල් අහිමි වන ලකුණු ..

Time running out for millions of Australians to ensure they’re eligible for $250 COVID cash payment.

ඉදිරි දින දෙක තුළ ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් ඔවුන්ගේ සුදුසුකම් සම්පුර්ණ නොකරන්නේනම්  කොරෝනා  වයිරස් ආධාරක ගෙවීම් වලින් ඩොලර් 250 ක් අහිමි විය හැකිය. වසංගතයෙන් වැඩිපුරම බලපෑමට ලක්වූ ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.1 ක් සඳහා ෆෙඩරල් අයවැයට අනුව  ඩොලර් 500 සහ  ඩොලර් 250 ලෙස ගෙවීම් දෙකකට බෙදා ඇත.

ඔවුන් අතර විශ්‍රාමිකයන් සහ ස්වයං අරමුදල් විශ්‍රාමිකයන් මෙන්ම ආබාධ සහිත පුද්ගලයින්, ඔවුන්ගේ රැකබලා ගන්නන් සහ අඩු ආදායම්ලාභී පවුල් ද වෙති. මේ සඳහා පවුල් බදු ප්‍රතිලාභ ගෙවීම් හෝ ද්විත්ව විශ්‍රාම වැටුප ලබන ඕස්ට්‍රේලියානුවන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ  සෞඛ්‍ය කාඩ්පතක් ඇති අය සුදුසුකම් ලබයි.

එහෙත් ලබන සතියේ බෙදා හැරීමට නියමිත පළමු ඩොලර් 250 මුදල් ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට සුදුසුකම් සපුරාගැනීමට කාලය අඩු වේ. Service Australia  පැවසුවේ ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ සුදුසුකම් සම්පුර්ණ කිරීමේ අවසන් දිනය  නොවැම්බර් 27 බවයි. මෙම සතිය අවසාන වන විට නිර්ණායකයන් පුරවා නොමැති නම්, ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ පළමු ඩොලර් 250 ගෙවීම ලැබිය නොහැකි අතර එය ක්‍රමානුකූලව නොවැම්බර් 30 සිට ගෙවනු ලැබේ.

අපගේ සමාජ ආරක්ෂණ පද්ධතියේ ඉලක්කගත, තාවකාලික මුලපිරීම් තුළින් වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ට, පවුල්වලට සහ තරුණයින්ට දැන් අපට වඩාත් ප්‍රායෝගික සහාය ලබා දිය හැකියි  යනුවෙන් ගෙවීම් නිවේදනය කිරීමෙන් පසුව පවුල් හා සමාජ සේවා අමාත්‍ය  රුස්ටන් පැවසීය.

වයස්ගත විශ්‍රාමිකයන් මිලියන 2.5 කට වැඩි පිරිසකට, ස්වයං අරමුදල් සහිත විශ්‍රාමිකයන් 400,000 කට පමණ ආබාධිත සහ රැකබලා ගන්නන් මිලියනයකට වඩා වැඩි පිරිසකට සහ අඩු ආදායම්ලාභී පවුල් 760,000 කට මෙම ගෙවීම් සිදු කෙරේ.

(7News)

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »