Search

ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කල රැකියා ජාවාරම් 1000% කින් ඉහළට

ඉහළ ජීවන වියදම හමුවේ අමතර ආදායම් සොයා දෙන මුවාවෙන් සිදුකරන මූල්‍ය අපරාධ ජාවාරමක් සම්බන්ධයෙන් වෙස්ට්පැක් බැංකුව විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ආර්ථික වශයෙන් අර්බුදයට පත්ව සිටින ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකරන බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඉන් වැඩි පිරිසක් අවුරුදු 18 ත් 40 ත් අතර වයසේ පසුවන කාන්තාවන් බව සඳහන්.

රැකියා සොයා දෙන මුවාවෙන් සිදුකර ඇති මූල්‍ය වංචා සංඛ්‍යාව 2022 වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට 1000 ඉක්මවා ගොස් තිබෙනවා.

පසුගිය වසරේදී ඉතා සුලු සිදුවීම් කිහිපයක් වාර්තා වුවද මෙම වසරේ මේ දක්වා කාලය තුළදී පමණක් එවැනි සිදුවීම් 20,231 ක් සටහන්වී ඇති බවයි වාර්තා වන්නේ.

වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය යෙදවුම් හරහා අමතර ආදායම් සෙවීමේ ක්‍රම පිළිබද පණිවිඩ ලැබුණ ද ඒ පිලිබද සොයාබැලීමකින් තොරව ලියාපදිංචි වීම් සිදු නොකරන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

විශේෂයෙන් බැංකු ගිණුම් අංක මෙන්ම පුද්ගල අනන්‍යතා සහතික වල පෞද්ගලික තොරතුරු කිසිදු සොයාබැලීමකින් තොරව හුවමාරු කර නොගන්නා ලෙසටද දැනුම්දීමක් සිදු කෙරෙනවා.

එමෙන්ම සැකකටයුතු කිසිදු විද්‍යුත් පණිවුඩයකට ප්‍රතිචාර නොදක්වන ලෙසටයි තවදුරටත් ඉල්ලීමක් කෙරෙන්නේ.

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »