චීන විරෝධය මැද ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් 04 ක් සිඩ්නි හිදී හමුදා අභ්‍යාසයක

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් 04 ක සහභාගීත්වයෙන් ඉන්දු පැසිෆික් සහයෝගිතා මලබාර් යුධ අභ්‍යාස පුහුණුව සිඩ්නි නැගෙනහිර වෙරළ තීරයේ දී ආරම්භ කර තිබෙනවා.

අමෙරිකාව, ඉන්දියාව සහ ජපානය නියෝජනය කරමින් යුධ නෞකා සහ සබ්මැරීන රැසක් මේ සඳහා සිඩ්නි වරාය වෙත පැමිණ ඇති බව සඳහන්.

ලබන 22 වනදා දක්වා මෙම යුධ අභ්‍යාස පැවැත්වීමට නියමිත අතර මෙය මෙවැන්නක් සඳහා ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව වීමද විශේෂත්වයක්.

යුධ හා ගුවන් ක්‍රියාකාරකම්, මිසයිල ආරක්ෂණ විධිවිධාන, නාවුක වෙඩි තැබීම් ඇතුළු ඉහළ මට්ටමේ යුධ අභ්‍යාස රැසක් මෙහිදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

2008 වසරේ සිට වසර 10 කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව යුධ අභ්‍යාසවලින් ඉවත්ව සිටි අතර මලබාර් යුධ අභ්‍යාස පුහුණුවට සත්කාරකත්වය දැරීමට ලැබීම සුවිශේෂි භාග්‍යක් බවයි ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් කියාසටියේ.

මෙම යුධ අභ්‍යාසය පැවැත්වෙන්නේ චීනයේ දැඩි විරෝධය මධ්‍යයේ වීමද විශේෂත්වයක්.

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »