ශ්‍රී ලංකාවේ කලාකරුවන් සඳහා නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණයක්!

ශ්‍රී ලංකාවේ කලාකරුවන් සඳහා නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණයක්!

Free Medical Insurance for Sri Lankan Artists!

ශ්‍රී ලංකාවේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

එහි පළමු අදියර ක්‍රියාත්මක කරමින්, රක්ෂණාවරණය ලබාදීම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කර ඇත.

මෙම රක්ෂණාවරණය, සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා ටවර් හෝල් රඟහල පදනමේ සභාපති වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත සිදු කෙරිණි.

ජාතික උරුමය ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි ටවර් හෝල් රඟහල පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම “ප්‍රේක්ෂා රක්ෂණ” ක්‍රමය ඔස්සේ සුදුසුකම් සපිරූ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නාට්‍ය නිෂ්පාදනය, රංගනය, අංග රචනය, පසුතල නිර්මාණය, රංගාලෝකය, රංග වින්‍යාසය, රංග වස්ත්‍ර නිර්මාණය, නාට්‍ය සංගීතය, වේදිකා කළමනාකරණය යන අංශවල නියුතු වයස අවුරුදු 35-75 අතර නාට්‍යවේදීන්ට ලබාදෙනු ලැබේ.

මෙම රක්ෂණාවරණය සඳහා රක්ෂණලාභීන්ගෙන් කිසිදු මුදලක් අය නොකරණ අතර, නාට්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රවීනතාවය සහ ජ්‍යෙෂ්ඨත්වය අනුව ප්‍රමුඛතාව ලබා දේ.

ජාතික මට්ටමේ සම්මාන හිමි කරගනිමින්, අයඳුම් කරන දිනට ආසන්න වශයෙන් වසර 05ක් සක්‍රීයව නාට්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට සහ අයදුම් කරන දිනට ආසන්න වශයෙන් වසර 10කට නොඅඩු කාලයක් නාට්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට මෙම රක්ෂණාවරණය සඳහා දායක විය හැකියි.

“ප්‍රේක්ෂා රක්ෂණාවරණය” සඳහා අයදුම්පත් www.towerhall.lk වෙඩ් අඩවියෙන් බාගත හැකියි.

එමෙන්ම අයදුම්පත් 2020 දෙසැම්බර් 11වන දිනට පෙර අධ්‍යක්ෂ ජනරාල්, ටවර් හෝල් රඟහල පදනම, අංක 123, සව්සිරිපාය, විජේරාම මාවත, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.

(Colombotimes)

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »