Search

ප්‍රාදේශීය ගුවන් ගමන් වලින් 1/3 ක් ප්‍රමාද බවට චෝදනා

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ගුවන් ගමන් වලින් 1/3 ක් ප්‍රමාද වී ගුවන් ගත වන බව නවතම සංඛ්‍යා දත්ත මගින් හෙළිවී තිබෙනවා.

ගුවන් ගමන් වලින් සියයට 30 කට අධික ප්‍රමාණයක් විනාඩි 15 හෝ ඊට වැඩි අගයක් ඉක්මවා ප්‍රමාද වී ගුවන් ගත වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ගුවන් ගමන් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ගුවන් තොටුපල බලධාරීන් මගීන්ගෙන් සමාව අයැද සිටිනවා.

කාර්ය මණ්ඩලයේ පවතින හිගය මෙම තත්වයට ප්‍රධාන හේතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ වැඩිම ප්‍රමාදයන් සහිත මාර්ගය ලෙස හඳුනාගෙන ඇත්තේ ඇල්බනි සහ එස්පෙරන්ස් ප්‍රාන්ත අතර මාර්ගයයි.

මෙලෙස ප්‍රාදේශීය ගුවන් වාර ප්‍රමාද කිරීම හා අවලංගු කිරීම් මගින් සිය දෛනික කටයුතු වලට දැඩි බාධා මතුව ඇති බවයි මගීන් චෝදනා නගන්නේ.

විශේෂයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෙනත් ස්ථානවලට ගමන් කිරීමේදී එය වඩාත් කැපී පෙනෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

පකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

සංචාරක පාකිස්තානු කණ්ඩායම සමග මෙල්බන් හීදී පැවති පළමු තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු නායක Pat Cummins පලමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිට ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Citizenship ගත් ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

‘වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය’ ජීවිත අවදානම නොතකා සේවයට කැපවූ වීරවරියකට

“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලීසිය වසරක මෙහෙයුමකින් වෙන්න ගිය විශාල අපරාධයක් මැඩලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Read More »