අසාත්මිකතා අවදානමක් හේතුවෙන් ඌරු මස් නිශ්පාදනයක් ආපසු කැඳවයි

අසාත්මිකතා අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් කිහිපයක අලෙවියට තබා තිබූ ඌරු මස් නිශ්පාදනයක් ආපසු කැඳවා තිබෙනවා.

මෙලෙස ඉවත් කර ඇත්තේ Oriental Merchant විසින් නිශ්පාධිත Hanabi Marinated Pork Bulgogi නම් ඌරුමස් නිෂ්පාදනයයි.

අන්තර්ගත අමුද්‍රව්‍ය අතර ග්ලුටන් අඩංගුවුව ද ඒ පිළිබද පැකට්ටුවේ දක්වා නොතිබීම හමුවේ මෙලෙස එම නිෂ්පාදනය ආපසු කැඳවූ බව ඔස්ට්‍රේලියානු හා නවසීලන්න ආහාර ප්‍රමිති ආයතනය පෙන්වා දී තිබෙනවා.

ග්ලුටන් ආසාත්මිකතා ඇති පුද්ගලයින් මෙම නිෂ්පාදනය අනුභව කිරීමෙන් වැළකී සිටින ලෙසටයි වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.

අදාළ නිශ්පාදන මිලදී ගත් පාරිභෝගිකයින්ට මිලදී ගත් වෙළඳසැල වෙත භාර දී මුදල් ආපසු ලබා ගැනීමටද හැකියාව පවතිනවා.

මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට 03 9250 8133 දුරකතන අංකය හෝ [email protected] විද්‍යුත් ලිපිනය භාවිත කිරීමට හැකියාව පාරිභෝගිකයින්ට පවතිනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »