නීති කඩන මෙල්බන් E-scooter පැදිකරුවන්ට අලුත් රෙගුලාසියක්

මාර්ග නීති උල්ලංඝණය කරන මෙල්බන් නුවර ඊ ස්කුටර් පැදිකරුවන් වෙත අනතුරු ඇගවීමේ නව තාක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා.

අනාරක්ෂිත ලෙස ඊ ස්කුටර් ධාවනය කරන්නන්ට ශ්‍රවණ පද්ධතියක් මගින් එම අවස්ථාවේදීම ඒ පිළිබඳ දැනුම් දීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙල්බන් නුවර ස්ථාන 25 ක සවිකර ඇති කැමරා පද්ධතිය මගින් මෙම ඊ ස්කූටර් ධාවකයින් නීරීක්ෂණය කිරීමටද සැළසුම් කර තිබෙනවා.

දිගින් දිගටම ඊ ස්කූටර් ධාවකයින් සම්බන්ධව ජනතාවගෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි මෙල්බන් වැඩබලන නගරාධිපති නිකොලස් රීස් සඳහන් කලේ.

මෙලෙස නීති කඩකරන ඊ ස්කුටර් ධාවකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

පසුගිය 2022 වසරේ පෙබරවාරි මස සිට මේ දක්වා මෙල්බන් ඊ ස්කුටර් ධාවන වාර ගණන මිලියන 05 ඉක්මවා තිබෙනවා.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »