Search

ඩාර්වින් – බාලි ජෙට් ස්ටාර් ගුවන් ගමන් සති 03 කට නවතයි

ඩාර්වින් සහ ඉන්දුනීසියාවේ බාලි දූපත අතර ගුවන් ගමන් සති 03 කට ආසන්න කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට ජෙට් ස්ටාර් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

ඒ ඩාර්වින් ගුවන් තොටුපළේ ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙනුයි.

මේ අනුව ලබන ඔක්තෝබර් 09 වනදා සිට 28 වනදා දක්වා ඩාර්වින් සිට බාලි හි ඩෙන්පසාර් ගුවන් තොටුපළ දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක නොවනු ඇති.

අදාළ කාල සීමාව තුළ ගුවන් ගමන් වෙන් කරවා ගත් මගීන්ට වෙනත් විකල්ප ගුවන් මාර්ගයක් හරහා බාලි දක්වා පියාසර කිරීමට හෝ මුලු මුදලම ආපසු ලබාගැනීමට හැකියාව පවතින බවද ජෙට් ස්ටාර් ගුවන් සේවය දන්වා සිටිනවා.

ඩාර්වින් හැර අනෙකුත් ගුවන් තොටුපළ සිට බාලි දක්වා ගුවන් ගමන් මෙම දිනවලදී සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »