ඔස්ට්‍රේලියාව තුළ පෙට්‍රල් මිළ මාස 13 කට පසු ඉහළම අගයට

ඔස්ට්‍රේලියාව තුළ පෙට්‍රල් මිළ ගණන් මාස 13 කට පසු ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

මෙල්බන් නගරයේ බොහෝ ස්ථානවල ඉන්ධන ලීටරයක මිළ ඩොලර් 02 යි ශත 40 ඉක්මවා ගොස් ඇති බවයි ඊයේ වාර්තා වූයේ.

අද නිකුත් වු නවතම දත්ත අනුව සඳහන් වන්නේ සිඩ්නි නගරයේ බහුතර පිරවුම්හල් වල පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් 02 යි ශත 13 පසුකර ගොස් ඇති බවයි.

පිරවුම්හල් අතුරින් සියයට 56 ක පමණ පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් 02 යි ශත 20 ඉක්මවා ගොස් තිබුණා.

කෙසේවෙතත් ස්ථාන කිහිපයක පමණක් ඩොලර් 01 යි ශත 80 ක මිළකට පෙට්‍රල් මිළදී ගත හැකි බවද සඳහන්.

ගෝලීය ඉන්ධන නිෂ්පාදනය තරමක් කප්පාදු කර තිබීමයි මීට මූලික හේතුව වන්නේ.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »