
බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළන ලද බාර්බි චිත්‍රපටයට මැද පෙරදිග රටවල් කිහිපයකින් තිරගත කිරීම් වාරණ පණවා තිබෙනවා.
ඒ එම චිත්‍රපටය මගින් ආගමික ඇදහීම්වලට පටහැණිව සමලිංගික අදහස් ප්‍රවර්ධනය කරන බවට චෝදනා කරමිනුයි.
බාර්බි චිත්‍රපටයේ මැද පෙරදිග තිරගත කිරීම් ඊයේ ආරම්භවීමට නියමිතව තිබියදී පැය කිහිපයකට පෙරයි කුවේටය සහ ලෙබනනය විසින් මෙම තහණම් පණවා ඇත්තේ.

දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධ මතභේදාත්මක සිතියමක් හේතුවෙන් වියට්නාමය විසින්ද මේ වනවිට බාර්බි චිත්‍රපටයට වාරණයක් පණවා තිබෙනවා.
තිරගත කිරීම් ආරම්භ කර දින කිහිපයක් ගතවීමට පෙර බාර්බි චිත්‍රපටය මේ වනවිටත් අමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් උපයා අවසන්.
