
ඔස්ට්‍රේලියාවේ මානුෂීය වීසා (humanitarian visa) කෝටාව 20,000 දක්වා ඉහළ නැංවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
මෙතෙක් එය 17,875 ක් ලෙස පවතින අතර මින් ඉදිරියට වසරකට තවත් අමතර වීසා බලපත් 2,125 ක් නිකුත් කිරීමටයි ලේබර් පක්ෂ රජය සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව 2013 වසරේදී අවසන් වරට ලේබර් පක්ෂ රජය බලයේ පැවති අවස්ථාවේ පැවති මානුෂීය කෝටාව හා සමාන අගයකට යළිත් එය පත්වනවා.

කෙසේවෙතත් මෙම අමතර වීසා බලපත් දැනට යුධමය සහ සිවිල් ගැටුම් වාතාවරණයන් පවතින රටවලින් ලැබෙන අයදුම්පත් සඳහා වෙන් කෙරෙනු ඇති බව සඳහන්.
ඒ යටතේ ඇෆ්ඝනිස්ථානයෙන් සහ සුඩානයෙන් දැනට ලැබී ඇති අයදුම්පත් කඩිනමින් සළකා බලා අවසන් කරන ලෙසටද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේවෙතත් ආරක්ෂක ගැටලුවක් මත ඇෆ්ඝන් මානුෂීය වීසා අයදුම්පත් සළකා බැලීමේ දුෂ්කරතාවයක්ද මතුව ඇති බව සඳහන්.