Search

වැඩමුලුවකට $ 10,000 ක් වියදම් කර ඇති බවට වික්ටෝරියා ගිලන් රථ සේවයට චෝදනා

වැඩමුලුවක් සඳහා ඩොලර් 10,000 ක මුදලක් වියදම් කර ඇති බවට වික්ටෝරියා ප්‍රාන්ත ගිලන් රථ සේවයට චෝදනා එල්ල වනවා.

වෘත්තීය සමිති චෝදනා කරන්නේ ශීත සෘතුවේ රාජකාරි කිරීමේදී අවශ්‍ය ජැකට්ටු පවා නොදුන් බළධාරීන් අනවශ්‍ය වියදමක් දරා ඇති බවටයි.

ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් 70 දෙනෙකු සඳහා පසුගිය අගහරුවාදා දිනයේදී මෙල්බන් නුවර සුපිරි හෝටලයකදී මෙම වැඩමුලුව පවත්වා ඇති බව සඳහන්.

වික්ටෝරියා ගිලන් රථ සේවයේ ප්‍රධානීන් පවසන්නේ සේවා ස්ථාන කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන සංවිධාන කල බවයි.

මෙම මුදල නාස්තියක් ලෙස තමන්ද නොදකින බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් ද සඳහන් කර ඇත්තේ.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »