න්‍යෂ්ඨික අපද්‍රව්‍ය දකුණු ඔස්ට්‍රේලියාවේ බැහැර කිරීම නවතී

දකුණු ඔස්ට්‍රේලියාවේ තෝරාගත් ස්ථානයක අඩු අවදානම් න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කිරීමේ යෝජනාව ෆෙඩරල් රජය විසින් අත්හැර දමා තිබෙනවා.

එම ප්‍රදේශයේ වාසය කරන ස්වදේශික ජනතාව විසින් අධිකරණයේ පවරන ලද නඩුවක තීන්දුවක් ලබාදෙමින් ෆෙඩරල් අධිකරණයක්ද සඳහන් කලේ එම ස්ථානයේ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර නොකරන ලෙසයි.

පැවති ලිබරල් සන්ධාන රජය විසින් ප්‍රමාණවත් අදහස් විමසීමකින් තොරව අදාළ ස්ථානය තෝරාගෙන තිබීම ඊට හේතුවයි.

අධිකරණ තීන්දුවට ගරු කරමින් ලේබර් පක්ෂ රජය විසින් වෙනත් සුදුසු ස්ථානයක් ඒ සඳහා තෝරා ගැනීමට කටයුතු කරන බවයි සඳහන් කර ඇත්තේ.

දැනට ඔස්ට්‍රේලියාව පුරා ස්ථාන 100 ක පමණ විකිරණශීලී අපද්‍රව්‍ය ගබඩා කර ඇති බවයි පැවසෙන්නේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »