
නිවු සවුත් වේල්ස් හි ලිංගික අතවර නඩුවල වින්දිතයන් අතුරින් සියයට 95 ක්ම අසත්‍ය සාක්ෂි දෙන බවට අනාවරණය වී තිබෙනවා.
ඇතැමුන් කැමැත්තෙන් ලිංගික ක්‍රියා සඳහා එක්වුවද පසුව අනෙක් තැනැත්තාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රවණතාවයක් පවතින බවටයි අනාවරණය වී ඇත්තේ.
මෙමගින් අසාධාරණ ලෙස විත්තිකරුවන් අගතියට පත්වන බවයි මෑතකදී සිදුකර ඇති සමීක්ෂණයකදී දැක්වෙන්නේ.

එබැවින් ලිංගික අතවර නඩු විභාග සිදු කිරීමේ දී විශ්වසනීය ක්‍රමවේදයක් හදුන්වා දිය යුතු බව නීතිවේදීන් පවසනවා.
මේ අතර ලිංගික අතවර නඩු පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ හිරිහැරවලට පත් කාන්තාවන්ගෙන් දිගින් දිගටම අසන ලද ප්‍රශ්න හමුවේ ඔවුන් දැඩි අපහසුතාවයට පත්වන බවයි.

එක්තරා නඩුවක වින්දිත කාන්තාවකගෙන් එකම ප්‍රශ්නය අවස්ථා 27 කදී අසන ලද සිදුවීමක්ද ඒ අතර වනවා.