ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක්

ඔස්ට්‍රේලියාවේදී ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක් හිමිවී තිබෙනවා.

ඒ අනුව ඔහුට කිසිදු අවහිරයකින් තොරව ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර හිමිවනවා.

අභ්‍යන්තර ගුවන් ගමන්වල නිරත වීමට ද ඒ යටතේ ධනුෂ්ක ගුණතිලකට අවසර ලැබී තිබෙනවා.

එක් මාසයකදී ඔහුට අභ්‍යන්තර ගුවන් සංචාර දෙකක් සිදුකිරීමට ඒ අනුව හැකියාව පවතිනවා.

සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණයේදී නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි ධනුෂ්ක ගුණතිලකට එරෙහි ඇප කොන්දේසි ලිහිල් කිරීමට මෙලෙස අධිකරණය තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් ධනුෂ්ක ගුණතිලකට සතියකට 03 වරක් පොලීසිය හමුවේ පෙනී සිටීමේ නියෝගය තවදුරටත් ක්‍රියාත්මකයි.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »