
ආසන පටි පැළඳීමෙන් තොරව රිය ධාවනයේ යෙදෙන වික්ටෝරියානුවන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ නව අධි තාක්ෂණික වේග කැමරා උපයෝගී කරගනිමිනුයි ඔවුන් හඳුනාගෙන ඇත්තේ.
මාස 03 ක නියමු ව්‍යාපෘති කාලයේදී පමණක් ආසන පටි නොමැතිව රිය ධාවනය කල රියදුරන් 7,000 කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබුණා.

ආසන පටි නොපැළඳ ගමන් කිරීමේදී වාහනයෙන් නිකුත් වන ඇගවීම් සංඥාව අක්‍රීය කිරීමට පවා ඇතැමුන් විවිධ උපක්‍රම භාවිත කරන බවටයි වික්ටෝරියා පොලිසිය විසින් හෙළිකරගෙන ඇත්තේ.
ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවූ 2,800 දෙනෙකුද මෙම කාලයේදී හඳුනාගෙන තිබුණා.

රිය පදවන අතරතුර ජංගම දුරකථන භාවිතයට ඩොලර් 577 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 04 ක් ද / ආසන පටි නිවැරදි නොවන අයුරින් පැළඳ වාහනය පැදවීමේදී ඩොලර් 385 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 03 ක්ද පසුගිය ජූලි පළමුවනදා සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළදී නිකුත් කිරීම ආරම්භ කෙරුණා.