අනාරක්ෂිත සහ සෞඛ්‍යයට අහිතකර භාණ්ඩ සහ නිෂ්පාදන පරිභෝජනය හේතුවෙන් වසරකදී මිය යන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 800කට ආසන්න පමණ වන බවට ගණන් බලා තිබෙනවා.
එමෙන්ම තවත් 52,000 ක් පමණ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ හා නිෂ්පාදන පරිභෝජනයෙන් බරපතල තුවාල හෝ රෝගාතුරවී රෝහල් ගත කෙරෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් වාර්ෂිකව ඔස්ට්‍රේලියානු රජයට දැරීමට සිදුවන පිරිවැය ඩොලර් බිලියන 05 ක් පමණ වන බවට තක්සේරු කර තිබෙනවා.
මෙම මරණ අතුරින් සියයට 32 කට පමණ හේතුව ගිනි ගැනීම් ආශ්‍රිත සිදුවීම් වන අතර තවත් සියයට 27 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ ශ්වසන ආසාධන බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.
විෂවීම් හේතුවෙන් වාර්ෂිකව රෝහල් ගත වන ප්‍රමාණය 8000 ක් වැනි ඉහළ අගයක පසුවන අතර මෙම අනතුරුවලට ලක්වන්නන්ගෙන් වැඩි ප්‍රමාණයක් ළමුන් බවයි හෙළිව ඇත්තේ.
2021 වසරේදී අලෙවි වී ඇති අනාරක්ෂිත භාණ්ඩ 1196 ක් අතුරින් සියයට 87 කට වැඩි ප්‍රමාණයක් ඔන්ලයින් ක්‍රමයට අලෙවි වු භාණ්ඩ බව සඳහන්.
ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ අනාරක්ෂිත භාණ්ඩ වෙළදාමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටයි පාරිභෝගික කොමිසම අනතුරු අගවන්නේ.