ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක කොවිඩ් නව ප්‍රභේදයක්

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බවට අනතුරු ඇගවෙනවා.

ග්‍රීක දෙවගනක් වන ඒරිස් නමිනුයි මෙම නව වෛරස් ප්‍රභේදය නම් කර ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස සිට මේ දක්වා නව වෛරස් ප්‍රභේදය ආසාධනය වූ රෝගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව පසුගිය සතිය තුළ දී පමණක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වු ඒරිස් වෛරස ආසාධිතයන් සංඛ්‍යාව සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ දිනවල එරට පවතින කාලගුණික තත්වය හමුවේ මෙම වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවයි සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

අමෙරිකාවටද මෙහි බලපෑම එල්ලවී ඇති අතර එරට රෝගීන්ගෙන් සියයට 17 ක් පමණ එරිස් වෛරස ප්‍රභේදය ආසාධිතයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු රජය පෙන්වා දෙන්නේ නව කොවිඩ් ප්‍රභේදයෙන් දැනට වැඩි බලපෑමක් නොමැති නමුත් ඒ සම්බන්ධව ඉහළ අවධානයෙන් පසුවන බවයි.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »