
අපරාධකරුවන් සහ කළහකාරීන් යටත් කර ගැනීමට යොදාගනු ලබන Taser 10 උපකරණයේ නවතම මාදිලිය අමෙරිකාවෙන් බැහැරව භාවිත කරන පළමු පොලිසිය බවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය පත්වී සිටිනවා.
මීටර් 14 ක් දුර ඇති ඉලක්කයකට පවා විදුලි ධාරාවක් යොමුකල හැකි මෙමගින් එක් ආරෝපණ අවස්ථාවක් තුළින් ප්‍රහාර 10 ක් සිදුකල හැකියි.
ක්වීන්ස්ලන්ඩ් පොලිසිය විසින් මෙවැනි උපකරණ 10 ක් මේ වනවිට මිළදී ගෙන ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ පොලිස් ප්‍රහාර හමුවේ වැඩිම පිරිසක් මරණයට පත්ව ඇති ප්‍රාන්තය ලෙසද පසුගියදා ක්වීන්ස්ලන්ඩ් නම් කෙරුණා.
එබැවින් ජීවිත ආරක්ෂා කරගනිමින් අපරාධකරුවන් යටත් කර ගැනීමට මෙමගින් වැඩි හැකියාවක් ලැබෙනු ඇති බවද සඳහන්.
