සිඩ්නි රාත්‍රී ගුවන් ගමන් ගැන ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අවට ප්‍රදේශවාසීන්ගේ දෛනික කටයුතු වලට බාධා මතුව තිබෙනවා.

සිඩ්නි ගුවන් තොටුපළේ ප්‍රධාන ධාවන පථයේ නඩත්තු කටයුතු මෙතෙක් දිවා කාලයේ පමණක් සිදු කෙරුණද මෙම සතියේ සිට වසර අවසන් වන තෙක් රාත්‍රී කාලයේදීත් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

සාමාන්‍යයෙන් රාත්‍රී 11 සිට පෙරවරු 06 දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක නොකෙරුණද දිවා කාලයේ ගුවන් ධාවන පථයේ අලුත්වැඩියා හේතුවෙන් රාත්‍රී කාලයටත් ගුවන් ගමන් සැළසුම් කිරීමටයි සිඩ්නි බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් ගුවන් තොටුපළ අවට ප්‍රදේශවාසීන් චෝදනා නගන්නේ එය ඔවුන්ගේ නින්දට බාධාවක් විය හැකි බවයි.

ගුවන්තොටුපල ඇස්තමේන්තු වලට අනුව පෙනී යන්නේ නිවාස 3000 ක ජීවත් වන ජනතායට එයින් බාධා මතුවනු ඇති බවයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ පැවති වංසගත තත්ව හමුවේ නඩත්තු කටයුතු ප්‍රමාධ වූ බැවින් කෙටි කලක් තුල
මෙම ප්‍රශ්නය විසදීමට පියවර ගන්නා බවයි.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »