මාරක බස් අනතුරේ රියදුරුට අධිකරණයෙන් සහනයක්

පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවූ හන්ටර් වැලි මාරක බස් අනතුරේ රියදුරුට අධිකරණය විසින් සහනයක් ලබාදී තිබෙනවා.

මීළග නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටීම අනිවාර්ය නොවන බවටයි බ්‍රෙට් ඇන්ඩෲ බට්න් නම් මෙම තැනැත්තාට නිවු කාසල් ප්‍රාදේශීය අධිකරණයක් විසින් අද දන්වා ඇත්ත්.

ඔහුගේ රියදුරු බලපත්‍රයේ ගැටලුවක් ඊට හේතුවී ඇති බව සඳහන්.

පසුගිය ජූනි 11 වනදා රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසකුයි.

ඊට අදාළව රියදුරු මේ වනවිට ඇප මත මුදා හැර ඇති නමුත් චෝදනා 63 ක් ගොණු කර අවසන්.

මීළග නඩු වාරය යෙදී ඇත්තේ ලබන ඔක්තෝබර් මාසයටයි.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »