නිවාස කුළී ගැන අගමැති තීරණාත්මක සාකච්ඡාවකට

නිවාස කුළී සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික කැබිනට් මණ්ඩලය සූදානම් වනවා.

නිවාහ හිමියන් මෙන්ම කුළී නිවැසියන් යන දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි ප්‍රතිපත්තිමය තීන්දු කිහිපයක් එහිදී ගැනීමටයි නියමිතව ඇත්තේ.

සමස්ත රටටම බලපාන පරිදි නිවාස කුළී ගාස්තු වැඩි කල හැකි උපරිම සීමා පණවන්නැයි කරනු ලැබූ ඉල්ලීම අගමැති ඇල්බනීස් විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

එහෙත් මීට මාස 12 කට පෙර එය ක්‍රියාත්මක කලේ නම් අද වනවිට සෑම ප්‍රාන්තයකම කුළී නිවැසියන්ට ඩොලර් 544 ත් ඩොලර් 1,871 ත් අතර මුදලක් ඉතිරි කරගත හැකිව තිබූ බවටයි විශ්ලේෂණය කර ඇත්තේ.

ලේබර් පක්ෂ රජය විසින් පාර්ලිමේන්තුවට දෙවන වරටත් ඉදිරිපත් කරනු ලැබූ ඩොලර් බිලියන 10 ක වටිනාකමින් යුත් නිවාස අරමුදල පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »