
අවසන් මූල්‍ය වර්ෂයේදී කොමන්වෙල්ත් බැංකුව විසින් ඩොලර් බිලියන 10.2 ක ලාභයක් වාර්තා කර තිබෙනවා.
එය පෙර වසරට වඩා සියයට 5 ක ඉහළයාමක් බවටයි ගණන් බලා ඇත්තේ.
මේ අනුව කොටස් හිමියන් සඳහා එක් කොටසකට ඩොලර් 4.50 බැගින් ලාභාංශ බෙදා හැරීමටයි කොමන්වෙල්ත් බැංකුව තීරණය කර ඇත්තේ.

එය පෙර වසරට වඩා සියයට 17 ක ගෙවීමක් බවයි කොමන්වෙල්ත් බැංකුව පෙන්වා දෙන්නේ.
පොළී අනුපාතික අගයන්හි සිදුවු ඉහළයාම් හමුවේ ණය වාරික වැඩවීම් මෙම දැවැන්ත ලාභයට ප්‍රධාන හේතුව බවයි ආර්ථික විශ්ලේෂකයන්ගේ ස්ථාවරය වන්නේ.
