වික්ටෝරියා ප්‍රාන්තයේ බලශක්ති ඉල්ලූම සපුරාලීම සඳහා 04 වන සුළං බලාගාරයක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එමගින් බලශක්ති සැපයුම් ජාලයට වාර්ෂිකව මෙගාවොට් 330 ක ධාරිතාවයක් එකතුවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
2009 වසරේ සිට මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණද පාරිසරික ඇගයීම් වාර්තාව සකස් කර ඇත්තේ මෙම වසරේදීයි.
නව සුළං බලාගාරය ඉදිකිරීමේ යෝජනාව සම්බන්ධ විධිමත් උපදේශන ක්‍රියාවලියක් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කෙසේවෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් විරෝධතා ද නැගෙනහිර වික්ටෝරියා ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වී තිබෙනවා.
එහෙත් ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ පරිසර හිතකාමී බලශක්ති උත්පාදනයක් ඇති කිරීමට සුළං බලාගාර ආරම්භ කිරීම අත්‍යවශ්‍ය බවයි.