ඔස්ට්‍රේලියාවම ආවරණය කල මෙහෙයුමකදී යතුරු පැදි කල්ලි සාමාජිකයන් 150 ක් අත්අඩංගුවට

සතියක කාලයක් පුරා සමස්ත ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි සිදුකල විශේෂ මෙහෙයුමකදී යතුරු පැදි කල්ලි සාමාජිකයන් 150 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆෙඩරල් පොලිසිය – ප්‍රාන්ත පොලිසි – බදු කාර්යාලය – දේශ සීමා ආරක්ෂණ බලකාය ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි කොමිසම ඇතුලු අංශ ගණනාවක් මීට සම්බන්ධ වී තිබුණා.

ජූලි 31 වනදා සිට අගෝස්තු 06 වනදා දක්වා සිදුකල මෙම වැටලීම් මාලාවේදී සැකකරුවන් 159 ක් සහ ගිණි අවි 43 ක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර සැකකරුවන්ට එරෙහිව චෝදනා 693 ක් ගොණු කිරීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය – මෝටර් රථ සහ ඩොලර් ලක්ෂ 02 කට අධික වටිනාකමින් යුත් මුදල් තොගයක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් ඉදිරි දිනවලදී එක් එක් අධිකරණ වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »