Search

කාන්තා පාපන්දු කුසලානය දිනුවහොත් ඔස්ට්‍රේලියානුවන්ට නිවාඩු දිනයක් ?

ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම විසින් මෙවර පාපන්දු ලෝක කුසලානය ජයගතහොත් ඔස්ට්‍රේලියානුවන්ට පොදු නිවාඩු දිනයක් ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ඊට අදාළ ඉගියක් පළකර ඇති අතර නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් ද පවසා ඇත්තේ තමන්ද ඊට සහය දක්වන බවයි.

ඩෙන්මාර්කය 2-0 ක් ලෙස පරාජයට පත්කරමින් ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ සමත් වුණා.

නිවු සවුත් වේල්ස් අගමැතිවරයාගේ ස්ථාවරය වන්නේ කාන්තා පාපන්දු කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම දිනය පවා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කල යුතු බවයි.

එහෙත් අවසාන මහා තරගය ඉරිදා දිනයට යෙදී තිබීම හමුවේ එය ප්‍රායෝගික නොමැති බවටද මත පළවී තිබෙනවා.

කිසියම් අයුරකින් ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම මෙවර කුසලානය දිනාගත හොත් එක් එක් ප්‍රාන්තය මට්ටමින් නිවාඩු දින ප්‍රකාශයට පත් කල යුතු බවටද යෝජනා වී ඇතත් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නැහැ.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »