Search

04% ක වැටුප් වැඩිවීම NSW හෙදියන් පිළි ගනී

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ලබාදීමට එකග වූ සියයට 4 ක වැටුප් වැඩිවීම පිළි ගැනීමට ප්‍රාන්තයේ හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවති ඔවුන්ගේ සාමාජිකයන් අතර ඡන්ද විමසීමේදී එම යෝජනාවට පක්ෂව සියයට 58 ක් කැමැත්ත පළකර තිබුණා.

සියයට 40 ක් විරුද්ධත්වය පළකර ඇති අතර සියයට 2 ක් කිසිදු අදහසක් පළර නොමැති බව සඳහන්.

නිවු සවුත් වේල්ස් හෙදි සම්මේලනයේ මෑතකාලීන ඡන්ද විමසීමකදී කිසියම් යෝජනාවකට අඩුම ප්‍රතිශතයකින් එකගතාවය පළවු පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

මෙම යෝජනා සම්මතයත් සමග සැළකිය යුතු කාලයක් ගතවන තුරු වැටුප් ගැටලුව පදනම් කරගනිමින් වැජ වර්ජන සිදුකිරීමට නිවු සවුත් වේල්ස් හෙදියන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන්ගේ SRL සිහිනය සැබෑවක් වේවිද?

වික්ටෝරියා ප්‍රාන්තයේ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියට අරමුදල් සැපයීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට Infrastructure Australia විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »