ඔස්ට්‍රේලියාවේ රතු මස් කර්මාන්තය සෞඛ්‍ය හිතකර ලෙස ව්‍යාප්ත කිරීමට පියවර

ඔස්ට්‍රේලියාවේ රතු මස් (red meat) කර්මාන්තය ඉදිරි වසර 07 තුළ වඩාත් සෞඛ්‍ය හිතකර ලෙස ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබෙනවා.

දැනට පවතින කාබන් විමෝචන ඉලක්ක හේතුවෙන් පෝෂණ අරමුණු මගහැරී ඇති බවයි නවතම වාර්තාවක සඳහන් වන්නේ.

පෝෂණය කෙරෙහි වැඩි බරක් තැබුවහොත් 2030 වසර වනවිට සපුරා ගැනීමට යෝජිත කාබන් විමෝචන ඉලක්ක ජයගත නොහැකි වනු ඇති බවයි CSIRO ආයතනය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් සියයට 10 ක පමණ ඉලක්ක අඩුවකින් වුවද ඉදිරි වසර 07 තුල කාබන් විමෝචන අරමුණු වෙත යා හැකි බව CSIRO ආයතනයේ ස්ථාවරයයි.

සතුන් පෝෂණය කිරීම සඳහා වඩාත් හොද ක්‍රම භාවිත කලහොත් එම පරතරය තවත් අඩු කර ගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රතු මස් කර්මාන්තය නගා සිටුවීම සඳහා වෙනත් රටවල් සමග ද සාකච්ඡා කර ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට පියවර ගන්නා ගන්නා බවයි ඔස්ට්‍රේලියානු රජය පෙන්වා දෙන්නේ.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »