ලෝක බාලදක්ෂ ජම්බෝරියෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉවතට

කණූන් සුළි කුණාටුව හේතුවෙන් දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියෙන් ඔස්ට්‍රේලියානු බාලදක්ෂ කණ්ඩායම ඉවත්ව තිබෙනවා.

සුළිකුණාටු අවධානම මෙන්ම පවතින දැඩි උණුසුම හා ඉදිරි ගංවතුර අනාවැකි තත්වයන් හේතුවෙන් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ බාලදක්ෂ කණ්ඩායම් ද ඉවත්ව ඇති බව සඳහන්.

මෙම තරගාවලිය සඳහා රටවල් 158 ක් නියෝජනය කරමින් බලදක්ෂයින් හතලිස් තුන්දහසකට අධික පිරිසක් සහභාගී වී සිටිනවා.

දින 10 ක් පුරා විවිධ ක්‍රියාකාරකම් වල නිරතවෙමින් කදවුරු බැදීමටයි ඔවුන් සූදානමින් පසුවූයේ.

කණූන් සුළි කුණාටුව සම්බන්ධව මූලික වශයෙන් සුදානමක් පැවතිය ද එහි අනතුරුදායක බව සළකා ඔස්ට්‍රේලියාණු කණ්ඩායම ඉන් ඉවත්වීමට තීරණය කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ බාලදක්ෂයින් දැඩි උණුසුම් තත්වයන් සඳහා පෙර පුහුණු ලබා ඇති නමුත් සුළි කුණාටු තත්වයකට මුහුණ දීම අසීරුවීම ඊට ප්‍රධාන හේතුවයි.

කණූන් සුළි කුණාටුව මේ වන විට ජපානයට ද දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »