Search

ඔස්ට්‍රේලියා T20 කණ්ඩායමට අලුත් නායකයෙක්

ඔස්ට්‍රේලියා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නව නායකයෙක් ව නම්කර තිබේ.

ඒ මිෂෙල් මාර්ෂ් ය.

ලබන වසරේදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහුව පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි එරට මාධ්‍ය පවසයි.

මේ අතර දකුණු අප්‍රිකාවේ සංචාරය සඳහා නවක ක්‍රීඩකයින් තිදෙනෙක්ව නම්කර ඇති බව වාර්තා වෙයි.

වමතින් වේග පන්දුයවන ස්පෙන්සර් ජොන්සන්, සහ තුන් ඉරියව්වෙන්ම දක්ෂයින් වන ආරොන් හාර්ඩි හා මැට් ෂෝර්ට් එම ක්‍රීඩකයින් ය.

ඉන්දියාවේ දී ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භවන ලෝක කුසලාන ඕවර 50 තරගාවලිය සඳහා පැට් කමින්ග්ස් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

නමුත් ඉන් අනතුරුව එම කණ්ඩායමේ නායකත්වයත් මාර්ෂ් ට හිමිවෙතැයි අනුමාන කෙරේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »