ඕස්ට්‍රේලියාවේ  සමහර ප්‍රදේශවලට ඉහළ උෂ්ණත්වයක්!

ඕස්ට්‍රේලියාවේ  සමහර ප්‍රදේශවලට ඉහළ උෂ්ණත්වයක්!

High temperatures in some parts of Australia!

මේ සති අන්තයේදී ඕස්ට්‍රේලියාවේ  සමහර ප්‍රදේශවල උෂ්ණත්වය 40 දශකය දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බදාදා සිට උතුරු කලාපයේ සිට නැගෙනහිර දෙසට තාප තරංග  ගමන් කිරීමට පටන් ගනී.

දකුණු ඕස්ට්‍රේලියාව, වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් සඳහා  සිකුරාදා සිට ඉහළ උණුසුමක්  දැනෙනු ඇති අතර මෙම කාලගුණික වෙනස්වීම  සති අන්තයේ දී ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සති අන්තයේ දී මධ්‍යම ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශ, උතුරු ප්‍රදේශ  සහ වෙරළබඩ නිව්සවුත්වේල්ස් හි  අඩු තීව්‍රතාවයකින් යුත් තාප තරංගයක් අත්විඳිනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යාංශය පවසයි.

දැඩි තාප තරංගයක් දකුණු ක්වීන්ස්ලන්තය, ඊසානදිග දකුණු ඕස්ට්‍රේලියාව සහ උතුරු නිව්සවුත්වේල්ස්  වලට බලපානු ඇත. එලෙසම නිව්සවුත්වේල්ස් මැද උතුරු වෙරළ තීරයේ සමහර ප්‍රදේශවල අධික තාප තරංගයක් ඇති වේ. අනෙක් කලාප වල  සාමාන්‍යය ලෙස අංශක 15 ක් ඉක්මවා යා හැක.

තවදුරටත්, ඇඩිලේඩ් හි ඉරිදා සහ සෙනසුරාදා දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. සිසිල් වෙනසක් සමග සඳුදා වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 20  දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවන්නේ නිවැසියන් තාප තරංග ඉහළ යන විට  ඕනෑ තරම් ජලය පානය කිරීමට වගබලා ගත යුතු බවත්, කොතැනක හෝ සිසිල්ව සිටිය යුතු බවත්, ළමයින්, වැඩිහිටියන් හෝ සුරතල් සතුන් මෝටර් රථවල තබා නොයන ලෙසත්ය.

 
(7News)

සංගක්කාරට ලොකු පුටුවක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More »

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »