කෙටි කාලයකින් ලොව පුරා අතිශය ජනප්‍රියට පත් බාර්බි චිත්‍රපටය ඩොලර් බිලියනය ඉක්මවු ආදායම් වාර්තා පසුකර තිබෙනවා.
චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කර සති තුනක් වැනි කෙටිකලකින් මෙවැනි වාර්තාවක් තබා තිබීම විශේෂත්වයක්.
ලේඛිකාවක මෙන්ම අධ්‍යක්ෂකවරියක වන ග්‍රේටා ගර්විග් ගේ නිර්මාණයක් වන මෙය කාන්තාවක විසින් අධ්‍යක්ෂණය කරන ලද වැඩිම ආධායමක් ඉපැයු පළමු චිත්‍රපටය ලෙසයි සැළකෙන්නේ.
පෙර පැවති බාර්බි කතාමාලාවට නව මුහුණුවරක් එක් කිරීම හේතුවෙන් මෙම චිත්‍රපටය මෙලෙස ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇති බව සඳහන්.
සෑම සති අන්තයකම වාර්තාගත ප්‍රක්ෂක පිරිසක් මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණෙන අතර අමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ මෙත්සිකෝව වැනි රටවල කෙටිකාලයක් තුල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලූ ජනප්‍රියම චිත්‍රපටය ද බාර්බි බවයි වාර්තා වන්නේ.
ලොව දෙවන විශාලතම සිනමා කර්මාන්තය හිමි චීනයේ ද පසුගිය වසරවලට සාපේක්ෂව මෙම බාර්බි චිත්‍රපටය ආදායම් වාර්තා පසුකරමින් ප්‍රදර්ශණය වන අතර මෙය ගෝලීය සිනමාවේ නව හැරවුමක් බවයි විචාරකයින් පවසන්නේ.