ලාංකිකයෙකුට අයත් මෙල්බන් Cleaning ආයතනයකට $ ලක්ෂ ගණනක දඩයක්

මෙල්බන් මාවල් ක්‍රීඩාංගණයේ පිරිසිදු කිරීම් භාරව කටයුතු කරන ආයතනයට සහ උප කොන්ත්‍රාත් සමාගම් දෙකකට ඩොලර් 332,964 ක දඩයක් නියම කර තිබෙනවා.

සේවකයන්ට අඩු වැටුප් ගෙවන බවට ලද පැමිණිලි විමර්ශනය කිරීමෙන් පසුවයි fair work ඔම්බුඩ්ස්මන් කාර්යාලය විසින් මෙම දඩය පණවා ඇත්තේ.

2017 වසරේදී මාවල් ක්‍රීඩාංණයේ පිරිසිදු කිරීම්වල නිරත වූ සේවකයන් 25 දෙනෙකුට ඩොලර් 100,000 කට ආසන්න මුදලක් අඩුවෙන් වැටුප් ගෙවා ඇති බවට Quayclean නම් ආයතනයට චෝදනා එල්ල වුණා.

ඒ අනුව ඔවුන්ට ඩොලර් 174,420 ක දඩයක්ද උප කොන්ත්‍රාත් සමාගම් දෙකට සහ ඒවායෙහි හිමිකරුවන් වන ශ්‍රී ලාංකිකයෙකුට සහ ඉන්දීය ජාතිකයෙකුට ඩොලර් 158,544 ක දඩයක්ද නියම කිරීමටයි fair work ඔම්බුඩ්ස්මන් කාර්යාලය විසින් පියවර ගෙන ඇත්තේ.

තමන් විසින් උප කොන්ත්‍රාත් සමාගම් 02 ට ලබාදුන් මුදල සේවක වැටුප් ගෙවීමට ප්‍රමාණවත් නොමැති බව Quayclean සමාගම විසින් නඩු විභාගයේදී පිළිගෙන තිබුණා.

විනිසුරුවරිය එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ඔස්ට්‍රේලියාව තුළ පිරිසිදු කිරී්ම්වල නිරතවන විදේශීය ශ්‍රමිකයන් ශ්‍රම සූරාකෑම්වලට ලක්වීම අතිශය කණගාටුදායක බවයි.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »