නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සූදු මධ්‍යස්ථාන අහඹු පරීක්ෂාවකට ලක් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
සිඩ්නි නාගරික කලාපයේ පිහිටා ඇති එවැනි ස්ථාන පළමුවෙන් පරීක්ෂා කෙරෙන අතර ඒවායෙහි හිමිකරුවන්ට මීට සති කිහිපයකට පෙර හ් බව නිල වශයෙන් දැනුම් දී ඇති බව සඳහන්.
සූදු මධ්‍යස්ථාන ආශ්රිත නීති විරෝධී ක්‍රියා සහ අපරාධ කල්ලි ජාවාරම් මැඩ පැවැත්වීම මෙහි මූලික අරමුණයි.
මෑතකාලීනව ප්‍රකට කැසිනෝ ව්‍යාපාර කිහිපයකට අතිවිශාල දඩ මුදල් පවා නියම කෙරුණේ විවිධ නීති කඩ කිරීමේ චෝදනා යටතේයි.
එවැනි තත්වයන් වළක්වා පාරිභෝගිකයන්ට ආරක්ෂාකාරී වටපිටාවක් තහවුරු කරලීම මෙම අහඹු පරීක්ෂාවන්හි අපේක්ෂාවයි.