ලෝක නෙට්බෝල් ශූරතාවය 12 වන වරටත් ඔස්ට්‍රේලියාවට

12 වන වරටත් ලෝක නෙට්බෝල් ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකාවේ දී ඊයේ පැවති අවසාන මහා තරගයේදී 61 ට 45 ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමිනුයි.

මෙය ලෝක නෙට්බෝල් ශූරතාවයකදී ඔස්ට්‍රේලියාව ලැබූ ඉහළම ජය වනවා.

1999 වසරේ සිට 2019 වසර දක්වා පැවති ලෝක නෙට්බෝල් ශූරතාවලි 06 කදීම අවසාන මහා තරගයේදී ප්‍රතිවාදීන් ලෙස තරග කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයයි.

කෙසේවෙතත් මෙවර නවසීලන්තයට හිමිවූයේ 04 වන ස්ථානය වන අතර 03 වන ස්ථානය සඳහා පැවති තරගයේදී 52 ට 45 ක් ලෙස ජැමෙයිකාව හමුවේ ඔවුන් පරාජයට පත්වුණා.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »