Search

බදු වංචාවලට උපකාර දෙන මූල්‍ය උපදේශකයන්ට $ මිලියන 780 ක දඩ

බදු වංචාවලට සහය දෙන මූල්‍ය උපදේශකයන්ට සහ සමාගම්වලට ඩොලර් මිලියන ගණනක දඩ පැණවීමට ෆෙඩරල් රජය සුදානම් වනවා.

ඒ අනුව දැනට පවතින ඩොලර් මිලියන 7.8 ක දඩ මුදල 100 ගුණයකින් ඉහළ දැමෙන අතර නව දඩ මුදල ඩොලර් මිලියන 780 ක් දක්වා ඉහළ යනු ඇති.

රජයේ උපදේශන සමාගමක් ලෙස සිටිමින් බදු වංචා සඳහා සහය දීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගමක් වන PwC සමාගමට එරෙහිව එල්ල වී ඇති චෝදනා මීට මුලික හේතුව වී තිබෙනවා.

යෝජිත සංශෝධන යටතේ මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට ඇති බලතල පුලුල් කිරීමටද නියමිතයි.

ඒ අනුව කිසියම් සමාගමක් පිළිබඳ පැමිණිල්ලක් ලැබීමෙන් පසු විමර්ශනයක් අවසන් කල යුතු අවම කාලසීමාව ඉහළ නැංවෙනු ඇති.

ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඇතුලු තානාපතිවරු රැසක් යළි ශ්‍රී ලංකාවට කැඳවයි

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු රැසක් ‍යළි ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 15 දෙනෙකු යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Read More »

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »