2022/23 වර්ෂයේදී ක්වීන්ස්ලන්ඩ් ප්රාන්ත පොලිසිය විසින් අයකරගෙන ඇති රථවාහන දඩ මුදල් ප්රමාණය ඩොලර් මිලියන 400 ක් ලෙස සටහන්වී තිබෙනවා.
එය පෙර වසරට වඩා ඩොලර් මිලියන 100 ක පමණ ඉහළයාමක් බවයි පැවසෙන්නේ.
රථවාහන වැටලීම් සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්රාන්ත පොලිසිය විසින් නව ඒකකයක් හඳුන්වාදීමෙන් අනතුරුවයි මෙලෙස දඩ මුදල් සීඝ්රයෙන් ඉහළගොස් ඇත්තේ.
මෙම දඩ මුදල් ප්රාන්තවාසීන්ගේ පහසුකම් ඉහළ නැංවීමට යොදාගන්නා බැවින් ඔවුන්ට කිසිදු අසාධාරණයක් නොවන බවටද ක්වීන්ස්ලන්ඩ් රජය සහතික වනවා.