වසර අවසානය වනවිට ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ මිල 05% කින් වැඩිවනු ඇතැයි අනාවැකි

මෙම වසර අවසානය වනවිට ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ මිල සියයට 05 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

නිවාස මිළෙහි ප්‍රබලම වර්ධනය පර්ත් නුවරින් අපේක්ෂා කරන අතර එය සියයට 04 ත් 07 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සිඩ්නි සහ ඇඩිලේඩ් නිවාස මිල ගණන් සියයට 03 ත් 06 ත් අතර ප්‍රමාණයකින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර බ්‍රිස්බන් සියයට 01 ත් 04 ත් අතර වර්ධනයක් කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙල්බන් නුවර නිවාස මිල ගණන් වසර අවසානය වන විට සියයට 02 කින් පමණ ඉහළ යනු ඇති බව සඳහන්.

වසරේ පළමු මාස 07 අවසානය වනවිට නිවාස මිළෙහි ඉහළයාම සටහන්වූයේ සියයට 02 ක් ලෙසයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »