දකුණු ඔස්ට්‍රේලියා P- පුවරු රියදුරන්ට රියදුරු බලපත් සහනයක්

යහපත් රිය ධාවනයක් සහිත P- පුවරු රියදුරන්ට රියදුරු බලපත් සහනයක් දීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත විපක්ෂය වන ලිබරල් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වසර 03 ක යහපත් ධාවන වාර්තාවක් ඇති P – පුවරු රියදුරන් වසරක කාලයක් සඳහා පූර්ණ රියදුරු බලපත් අලුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස් කෙරෙනු ඇති.

එමගින් ඔවුන්ට ඩොලර් 71 ක මුදලක් ඉතිරිවන අතර මෙමගින් වසරකදී දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයට ඩොලර් 500,000 ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවටයි තක්සේරු කර ඇත්තේ.

දකුණු ඔස්ට්‍රේලියාවේ රිය අනතුරු හානි අවම කරගැනීමයි මෙහි අරමුණ වී ඇත්තේ.

2026 වසරේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් මෙම තීරණය ක්‍රියාවට නංවන බවද ලිබරල් පක්ෂය සඳහන් කරනවා.

2023 වසරේ මේ දක්වා කාලය තුළ දකුණු ඔස්ට්‍රේලියා මාර්ගවලදී රිය අනතුරු මරණ 72 ක් සහ බරපතල තුවාල සිදුවීම් 504 ක් වාර්තා වී තිබෙනවා.

එය 2010 වසරෙන් පසු වාර්තාවූ ඉහළම රිය අනතුරු සංඛ්‍යාව වීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »