
ඔන්ලයින් සූදූ සහ ඔට්ටු තැබීම් සඳහා වැඩිම පිරිසක් යොමුවී ඇත්තේ ඔස්ට්‍රේලියාවෙන් බව අධ්‍යයනයක් හෙළිකර තිබෙනවා.
සමාජ ජාල හරහා සිදුකරන වෙළඳ දැන්වීම් ප්‍රචාරණයෙන් අවුරුදු 18 ත් 34 ත් අතර තරුණ පිරිස වැඩි වශයෙන් ඊට යොමුවන බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.
පසුගිය වසරේදී පමණක් ඔස්ට්‍රේලියානුවන් විසින් ඔන්ලයින් සූදු සහ ඔට්ටු තැබීම් සඳහා යොමුවීමෙන් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් බිලියන 25 කට ආසන්නයි.

සමාජ ජාල හරහා සිදුකරන ඔට්ටු තැබීම් ප්‍රචාරණ වළක්වාලීමට ෆෙඩරල් රජය විසින් දැඩි පියවරක් ගත යුතු බවටයි මෙමගින් අවධාරණය කර ඇත්තේ.
2021 වසරේදී පමණක් සූදු හා ඔට්ටු සමාගම් විසින් දැන්වීම් ප්‍රචාරණයට වැය කර තිබූ මුදල ඩොලර් මිලියන 287 ක්.
